29.4 C
Galle

දැඩි ඉන්ධන හිඟයක් තිබිය දී, රථ පෙළපාලි ගිය පිරිසට ජනතා විරෝධයක් (වීඩියෝ සහිතයි)

Published:

රට පුරා දැඩි ඉන්ධන හිඟයක් පවතිද්දී තරුණයන් පිරිසක් අද (17) කුලියාපිටියේ සිට කල්පිටිය දක්වා යතුරුපැදි සවාරියක යෙදෙනු දක්නට ලැබිණි.

ඩීසල් සහ පෙට්‍රල් ලබාගැනීම සඳහා විශාල ජනතාවක් පෝලිම්වල රස්තියාදු වෙද්දී තෙල්වලින් කිසිදු අඩුවක් ඇති බවක් නොපෙන්වූ මේ තරුණයන් පිරිස අධි බලැති එන්ජින් සහිත යතුරුපැදිවලින් එම සවාරය සංවිධානය කර තිබූ අතර ඒ සඳහා පොලිස් ආරක්ෂාව ද ලබා දී තිබිණි. මේ යතුරුපැදි සමඟ තවත් සුපිරි වාහන රැසක් ද ගමන්කරනු දක්නට ලැබිණි.

කුලියාපිටියේ සිට සියලු මාර්ග නීති උල්ලංඝනය කරමින් කල්පිටිය දක්වා ගිය මේ යතුරුපැදි වාහන සවාරිය සඳහා එම මාර්ගයේ සියලු පොලිසිවලින් සහයෝගය ලබාදුන්න ද මාදම්පේ ප්‍රදේශයේ දී ගම්වාසීන් එම යතුරුපැදි කරුවන්ට දැඩි විරෝධයක් දැක්වූහ. ඔවුන් කියා සිටියේ යළි මේ මාර්ගයේ පැමිණියහොත් යාමට ඉඩ නොදෙන බවයි.

Related articles

spot_img
error: Content is protected !!