27.2 C
Galle

දෙමටගොඩ දී මෝටර් රථයක් ගිනි ගෙන විනාශ වෙයි

Published:

කොළඹ බේස්ලයින් පාරේ දෙමටගොඩ ගුවන් පාලම මත දී අද (26) දහවල් මෝටර් රථයක් හදිසියේ ම ගිනිගෙන විනාශ වී ඇතැයි දෙමටගොඩ පොලිසිය පවසයි.

බොරැල්ල සිට ඔරුගොඩවත්ත දෙසට ධාවනය වෙමින් තිබූ මෙම රථයේ දෙදෙනකු සිට ඇති අතර ඔවුන්ට තුවාල සිදුව නැත. ඔවුන් දෙදෙනා කඩුවෙල පදිංචිකරුවන් බව ද පොලිසිය කියයි.

මෝටර් රථය ගිනි ගැනීමත් සමඟ ප්‍රදේශයම දුමාරයකින් වැසී යාම හේතුවෙන් එම මාර්ගයේ වාහන ධාවනය ද මද වේලාවකට නතර කිරීමට සිදුව තිබිණි.

කොළඹ නගර සභාවේ ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ රථ තුනක් පැමිණ ගින්න නිවාදමන විට මෝටර් රථය සම්පූර්ණයෙන් ම විනාශ වී තිබිණි.

Related articles

error: Content is protected !!