30.5 C
Galle

අවුරුදු කන්න 5,000 දීමනාව දීමේ තීරණයක්

Published:

සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් අඩු ආදායම් ලාභී පවුල් සඳහා රුපියල් 5000.00ක දීමනාවක් මාස දෙකක කාලයක් ලබාදීමට අමාත්‍ය මණ්ඩලය අද (28) තීරණය කළ බව අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අමාත්‍ය මණ්ඩල රැස්වීම අවසන් වී යමින් සිටිය දී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මෙම දීමනාව ලැබීමට සුදුසුකම් සම්පූර්ණ කළ ලක්ෂ 31ක් පමණ සිටින බව ද අමාත්‍යවරයා කීවේය. එම මුදල් ලබාදීමට රජයට සල්ලි තිබෙන බව ද හෙතෙම පවසයි.

Related articles

spot_img
error: Content is protected !!