27.2 C
Galle

ඖෂධ හා උපකරණ නැතිව පේ‍රාදෙණියේ සැත්කම් නවතා දමයි

Published:

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සැත්කම් වහාම ක්‍රියාත්මක වන පරිදි නවතා දැමීමට තීරණය කළ බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න ඊයේ (28) රෝහල් කාර්ය මණ්ඩල වෙත ලිඛිතව දැනුම් දී තිබේ.

එම ලිපියේ සඳහන් කර ඇත්තේ රෝහලේ නිර්වින්දනය සහ ශල්‍යකර්ම සඳහා භාවිත කරන අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග කිහිපයක් සහ ද්‍රව්‍යවල හිඟයක් හේතුවෙන් මෙවැනි තීරණයක් ගැනීමට සිදු වූ බවයි.

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ කළමනාකාරීත්ව කමිටු රැස්වීමේ දී ‍ඊයේ (28) දිනයේ දී මේ පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර දැනට සැළසුම් කර ඇති සැත්කම් ඊයේ දිනයේ සිට ම නවතා දැමීමට තීරණය කර ඇති බව එහි දැක්වේ.

Related articles

error: Content is protected !!