28.3 C
Galle

කරාපිටිය රෝහල සැත්කම් රැසක් නවතා දමයි. අත්‍යාවශ්‍යම ඖෂධ නෑ

Published:

නිර්වින්දය සඳහා භාවිතා කරන Neostigmin නමැති ඖෂධ ප්‍රමාණවත් ‍තරම් නොමැතිවීම හේතුවෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ ද සැළසුම් කරන ලද සියලුම සැත්කම් අද (29) සිට තාවකාලිකව නවතා දැමීමට තීරණය කර තිබේ.

රෝහලේ අධ්‍යක්ෂ වෛදධ්‍ය ෂෙල්ටන් පෙරේරා විසින් ඒ සම්බන්ධයෙන් සියලුම විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරුන්ට, විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන්ට, විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරීන්ට, කාර්යභාර හෙද නිලධාරීන්නට ලිඛිතව දන්වා ඇත.

එම ලිපියෙන් දක්වා ඇත්තේ ජීවිත අවධානමක් නොමැති පුද්ගලයන් සඳහා කරනු ලබන සියලුම ආකාරයේ ශල්‍යකර්ම තාවකාලිකව නවතා දමන ලෙසයි.

Related articles

spot_img
error: Content is protected !!