30.5 C
Galle

කොටස් වෙළෙඳ ‍පොළ ගනුදෙනු අතරමඟ නවතයි. කඩාවැටීම නවතන්න බැරි වෙයි

Published:

සියලු කොටස් මිල දර්ශකයන් අසාමාන්‍ය ලෙස පහළ වැටීම හේතුවෙන් අද දින පස්වරු 1.10ට පමණ කොටස් වෙළෙඳ වෙළෙඳ පොළ ගනුදෙනු පැය භාගයක පමණ කාලකට අත්හිටුවනු ලැබීය. එසේ වුව ද අද (29) දිනයේ දී ද කොටස් වෙළෙඳ පොළ ඒකක 494කින් පහත ගිය අතර ඒ අනුව අද සහ ඊයේ දිනයේ දී පමණක් කොළඹ කොටස් වෙළෙඳ පොළ ඒකක 807කි පහළ යාම විශේෂත්වයකි.

අද දිනයේ ගනුදෙනු 28,593ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,702ක් වාර්තා වූ අතර දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ 9,647ක් ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 543
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 202
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 192

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • එස්.එන්.බී. ලීසිං සමාගම (X) කොටස් මිලියන 133
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 21
  • ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම කොටස් මිලියන 19

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • රේණුක සිටි හොටෙල් සමාගම 13%
  • මුලර්ස් සමාගම 08%
  • ටාජ් ලංකා හෝටල් සමාගම 06%

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 479
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 331
  • ජෝන් කීල්ස්  සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන  210

සංවෘත කවය තුළ කොටස් ගනුදෙනු වූ සමාගම්

  • සෙලාන් බැංකුවේ කොටස්  මිලියන 2.9 රුපියල් 35.50 බැගින්
  • මෙල්ස්ටා කොප් සමාගමේ කොටස් 750,000ක් රුපියල් 45.00 බැගින්

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 236ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 83කොටස් විකුණා තිබිණි. ඒ අනුව අද දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳ පොළට විදේශ ආයෝජකයන් විසින් රුපියල් මිලියන 148ක් ආයෝජනය කර තිබේ.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 90
  • එල්බී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 43
  • වැලිබල් ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 25
  • සීඅයිසී සමාගම රුපියල් මිලියන 19
  • හේලීස් සමාගම රුපියල් මිලියන 0.9

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • සීටී හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 77
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 1.3
  • සිංගර් ලංකා සමාගම රුපියල් මිලියන 1.3
  • ලංකා වෝල්ටයිල් සමාගම රුපියල් මිලියන 0.6

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

spot_img
error: Content is protected !!