27.5 C
Galle

අලුත් අවුරුදු අඳුරේ ගිලෙයි ? විදුලි කප්පාදුව දීර්ඝ වෙයි

Published:

ඉදිරියේ දී විදුලි කප්පාදුව පැය 10කට වඩා දීර්ඝ කිරීමට සිදුවන බව විදුලි ඉංජිනේරු සංගමය පවසයි.

කොළඹ පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දැක්වූ එම සංගමයේ සභාපති අනිල් රංජිත් ප්‍රකාශ කළේ දැනට ලැබී ඇති ඉන්ධන ප්‍රමාණය අනුව ඉදිරියේ දී විදුලිකප්පාදුව සිදුකරන පැය ගණන තවත් දීර්ඝ කිරීමට සිදුවන බවයි. වැසි ඇති නොවුණහොත් අලුත් අවුරුදු උත්සව කාලයේ දී දිනකට වැඩි පැය ගණනක් විදුලිය නැතිව සිටීමට සිදුවන බව ද හෙතෙම කියා සිටියේය.

“අපිට ඉන්දන දෙනවානම් විදුලිය ලබාදෙන්න පුළුවන්. නමුත් ප්‍රමාණවත් තරම් ඉන්ධන දෙන්නේ නැහැ. අද පැය 10ක් කපනවා. දැනට ඇති ඉන්ධන ප්‍රමාණවත් වෙන්නේ දින තුනකට පමණයි. ප්‍රමාණවත් ඉන්ධන නැති වුණොත් විදුලිය විසන්ධි කරන කාලය තවත් දීර්ඝ කරන්න වෙනවා. විදුලිය අඛණ්ඩව ලබාදීමටනම් ඉක්මණින් මේ තෙල් නැති ගැටලුව විසඳිය යුතුයි.”

Related articles

error: Content is protected !!