27.5 C
Galle

ජනපති නිවස වටලා ජනතාව උද්ඝෝෂණයේ

Published:

ජනාධිපති ‍ගෝඨාභය රාජපක්ෂ පදිංචිව සිටින මිරිහාන, ඇඹුල්දෙණියේ නිවස අසළ අති විශාල ජනතාවක් මේ වනවිට විරෝධතාවක නිරතව සිටිති.

ඔවුන් ජනාධිපතිවරයාට දෝෂාරෝපණය කරමින්, කෑ කෝ ගසමින් විරෝධය පළකරන අතර පොලිසියට ද ඔවුන් ඉවත්කිරීමට නොහැකිවව තිබේ.

ඇඹුල්දෙණිය පැඟිරිවත්ත පටුමක අසළ පැවැත්වෙන මේ විරෝධය හේතුවෙන් නුගේගොඩ-මහරගම 119 මාර්ගය සම්පූර්ණයෙන් ම අවහිර වී ඇති අතර පොලිස් නිලධාරීන් 500කට අධික ප්‍රමාණයක් ද පැමිණ තිබේ.

ජනාධිපතිවරයාගේ නිවස පිහිටි පැඟිරිවත්ත පටුමගට පොලිස් මාර්ග බාධක යොදා කිසිවෙකුට ඇතුළුවීමට ඉඩ නොදී පොලිස් විශේෂ කාර්ය බලකාය ආරක්ෂාව තරකර ඇත.

විරෝධතා කරුවෝ එම බාධක ඉවත්කිරීමට ද කිහිපවිටක් උත්සාහ කරන ආකාරය දක්නට ලැබිණි.

මෙම ස්ථානයට තවදුරටත් විශාල පිරිස් පැමිණෙමින් සිටින බව එහි සිටින වාර්තාකරුවෝ කියති.

Related articles

error: Content is protected !!