27.6 C
Galle

මිරිහානේ උද්ඝෝෂකයන් හා පොලිසිය අතර ගැටුම්

Published:

මිරිහානේ පිහිටි ජනාධිපතිවරයාගේ නිවස අසළ උද්ඝෝෂණයේ නිරතවූ පිරිස් විසුරුවා හැරීම සඳහා පොලිසිය කටයුතු කිරීමත් සමඟ එම ස්ථානයේ ගැටුමක් හටගෙන තිබේ.

පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ අතර රැස්ව සිටි පිරිස් වෙතින් පොලිසිය සිටින දෙසට ගල්මුල් ප්‍රහාරයක් ද එල්ල වෙමින් පවතී. මේ අතර එම ස්ථානයේ කිසියම් දෙයක් ගිනි ගනිමින් තිබෙන අයුරුද දක්නට ලැබෙන අතර රැස්ව සිටින පිරිස් තවමත් ගල් මුල් ප්‍රහාර එල්ල කරමින් කෑ කෝ ගසමින් සිටියි.

පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරමින් පිරිස විසුරුවා හැරීමේ උත්සාහයක නිරත වෙයි.

Related articles

spot_img
error: Content is protected !!