27.5 C
Galle

ගිනි තැබූ හමුුදා බසය රැගෙන ගිය පුද්ගලයාගේ පාපොච්ඡාරණය මෙන්න

Published:

මිරිහානේ දී ඊයේ (31) රාත්‍රී ගිනිගෙන විනාශ වූ යුද හමුදා බස් රථය සහ තවත් බස් රථයක් වෙනත් තැනක නවතා තිබිය දී එය පණ ගන්වා රැගෙන විත් ජනාධිපතිවරයා පදිංචි නිවසට පිවිසෙන මාර්ගය හරස්කර නවතා දැමුවේ තමන් යැයි කිසියම් පුද්ගලයකු විසින් කරනු ලබන පාපොච්ඡාරණයක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතී.

තමන්ගේ ජනාධිපතිවරයා බේරාගැනීමට තමන්ටත් අයිතියක් ඇති බව ඔහු පවසයි. යුද්ධයේ දී මරණයට පවා බිය නොවූ ජනාධිපතිවරයා තමන් දිවි පරදුවට තබා හෝ බේරාගන්නා බව පවසන මෙම තැනැත්තා කියා සිටින්නේ කාගේදැයි නොදන්නා බස් රථ දෙක්ක ධාවනය කර ජනාධිපතිවරයාගේ නිවසට යන මාර්ගය හරස් කළ බවයි. එලෙස බස් ‍රැගෙන යද්දී උද්ඝෝෂකයන් තමන්ට පහරදුන් බව ද ඔහු කියා සිටියේය.

එමෙන් ම මින් ඉදිරියට උද්ඝෝෂණ නොකරන ලෙසත් එසේ උද්ඝෝෂණ සඳහා පැමිණෙන සංඛ්‍යාවට වඩා වැඩි සංඛ්‍යාවක් තමන්ට රැගෙන ආ හැකි බව ද උද්ඝෝෂණයේ යෙදෙන අයට පාඩමක් උගන්වන බව ද ඔහු තර්ජනය ක‍රයි.

ඔහු පවසන කතාව සම්පූර්ණයෙන්ම ‍පහළින් පළ කර ඇත.

Related articles

error: Content is protected !!