අද (14) කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 17,576ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,089ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 107ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 21,424ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- ලංකා අයි ඕ සී මිලියන 109
- එලිෆන්ට් හවුස් සමාගම මිලියන 95
- ඩිප් ප්‍රොඩක්ට් මිලියන 81
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- එච් එන් බී ලීසින් සමාගම කොටස් මිලියන 12
- ඉන්ඩස්ට්‍රියල් ඇස්හෝල්ට් සමාගම කොටස් මිලියන 04
- සොෆ්ට් ලොජික් කැපිටල් කොටස් මිලියන 02
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- ටාජ් හෝටල් සමාගම සමාගම 07%
- කොලෝනියල් මෝටර්ස් සමාගම 05%
- එන් ටී බී එක්ස් සමාගම 03%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 407
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 351
- සිලෝන් ටුබැකෝ සමස්ත වත්කම් රුපියල් බිලියන 337
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 15ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 142ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 127ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළින් ඉවත්කර ගෙන ඇත.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 05
- හේලීස් සමාගම රුපියල් මිලියන 05
- හේමාස් හෝල්ඩිංස් රුපියල් මිලියන 01
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- ඩිප් ප්‍රොඩක්ට් රුපියල් මිලියන 66
- සම්පත් බැංකුව රුපියල් මිලියන 47
- එලිෆන්ට් හවුස් සමාගම රුපියල් මිලියන 23
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ



