අද (15) කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 16,643ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,228ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 07ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 21,417ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- සම්පත් බැංකුව මිලියන 167
- හේකාබ් සමාගම මිලියන 95
- ජෝන් කීල්ස් මිලියන 76
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- ඉන්ඩස්ට්‍රියල් ඇස්හෝල්ට් සමාගම කොටස් මිලියන 12
- එස් එම් බී ලීසින් සමාගම කොටස් මිලියන 11
- ජෝන් කීල්ස් කොටස් මිලියන 03
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- එස් එම් බී ලීසින් එක්ස් සමාගම සමාගම 50%
- කලම්බු ලෑන්ඩ් සමාගම 07%
- ඩයලොග් ෆයිනෑන්ස් සමාගම 07%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 401
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 351
- සිලෝන් ටුබැකෝ සමස්ත වත්කම් රුපියල් බිලියන 337
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 56ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 93ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 37ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළින් ඉවත්කර ගෙන ඇත.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 38
- අම්බන් කැපිටල් සමාගම රුපියල් මිලියන 07
- ඩිප් ප්‍රොඩක්ට් රුපියල් මිලියන 03
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- සම්පත් බැංකුව රුපියල් මිලියන 83
- ලංකා ලුබ්රිකන්ට් රුපියල් මිලියන 07
- සිලෝන් ටුබැකෝ සමාගම රුපියල් මිලියන 01
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ



