27.5 C
Galle

කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු අතරමඟ නවතා දමයි

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු සියලු දර්ශකයන් අසාමාන්‍ය ලෙස පහළ 5%ට වඩා වැඩි ප්‍රතිශතයකින් පහළ වැටීම හේතුවෙන් අවස්ථා දෙකක දී කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු අද (01) පැය භාගයක කාලයකට අත්හිටුවීමට සිදුවිය.

රටේ පවතින තත්වය හේතුවෙන් කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු කාලය පැය දෙකකින් අඩු කර පෙරවරු 10.30 සිට 12.30 දක්වා පමණක් කොටස් ගනුදෙනු සිදුකරනු ලැබුව ද එම කෙටි කාලසීමාව තුළ දී පවා නිසි පරිදි සම්පූර්ණයෙන් ගනුදෙනු කිරීමට ආයෝජකයන්ට අවස්ථාවක් නොලැබුණු අතර ගනු දෙනු අත්හිටුවීමත් සමඟ පෙරවරු 11.35ට පමණ කොළඹ කොටස් වෙළෙද පොළ සම්පූර්ණයෙන් වසා දැමීමට සිදුවිය.

දිගින් දිගටම කොටස් වෙළෙඳ පොළ දර්ශකයන් අසාමාන්‍ය ලෙස පහළ බැසීම හේතුවෙන් ආයෝජකයන් දැඩි කලකිරීමකට පත්ව සිටියි.

අද දිනයේ 3,666ක් සිදුකරමින් සම්පූර්ණ පිරිවැටුම රුපියල් මිලියන 1,252ක් වාර්තා විය. කොටස් මිල දර්ශකය අද ඒකක 432කින් පහත වැටුණු අතර දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,471ක් ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • සිලෝන් ටුබැකෝ සමාගම රුපියල් මිලියන 556
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 368
  • එල්ඕඑල්සී සමාගම රුපියල් මිලියන 59

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 6.4
  • එස්.එන්.බී. ලීසිං සමාගම (X) කොටස් මිලියන 6.1
  • එක්ස්පෝ ලංකා සමාගම කොටස් මිලියන 1.9

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • බ්ලූ ඩයමන්ඩ් සමාගම 20%
  • බලංගොඩ වැවිලි සමාගම 18%
  • ලන්කෙම් ඩිවෙලොප්මන්ට් 13%

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 354
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 232
  • ජෝන් කීල්ස්  සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන  206

සංවෘත කවය තුළ කොටස් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 2.3ක් රුපියල් 8.60 බැගින්

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 412ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 556ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව අද දිනයේ දී විදේශ ආයෝජකයන් විසින් රුපියල් මිලියන 144ක් කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් ඉවත් කරගෙන තිබිණි.

  • එක්ස්පෝ ලංකා  සමාගම රුපියල් මිලියන 39
  • මෙල්ස්ටා ‍කොප් සමාගම රුපියල් මිලියන 18
  • ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 08
  • එයිට්කන්ට් ස්පෙන්ස් සමාගම රුපියල් මිලියන 04
  • රිචඩ් පීරිස් සමාගම රුපියල් මිලියන 0.7

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • සිලෝන් ටුබැකෝ සමාගම රුපියල් මිලියන 216

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!