27.5 C
Galle

සමාජ මාධ්‍ය අවහිර කරයි. VPN භාවිතයෙන් පිවිසෙන්නේ මෙහෙමයි

Published:

ශ්‍රී ලංකාව තුළ සමාජ මාධ්‍ය අවහිර කර තිබේ. මේ අනුව මෙරට ඉන්ටර්නෙට් සේවා ඔස්සේ Facebook, WhatsApp, Viber, Telegram, Instagram සහ Youtube ආදී කිසිදු සමාජ මාධ්‍ය ජාලයකට පිවිසීමට හැකියාවක් නැත.

ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ සිට මේ අවහිර කිරීම් සිදුකර ඇති අතර ශ්‍රී ලංකාවේ උද්ගත වී ඇති ආර්ථික අර්බුදය හමුවේ ජනතාව වෙතින් රජයට එල්ලවන දැඩි පීඩනය හේතුවෙන් මෙවැනි අවහිර කිරීමක් සිදුකර තිබේ. මීට ඉහත දී මහනුවර දිගන සිද්ධිය අවස්ථාවේ දී ද පාස්කු ප්‍රහාරය අවස්ථාවේ දී ද සමාජ මාධ්‍ය අවහිර කිරීම් සිදුකෙරිණි.

රජය විසින් සිදුකර ඇති මෙම සීමා කිරීම් මඟහැර සමාජ මාධ්‍ය භාවිතා කිරීමට VPN සේවාවන් භාවිතා කිරීමෙන් හැකියාව පවතී. එය වක්‍ර ආකාරයෙන් මෙම සේවාවන්ට පිවිසීමේ ක්‍රමවේදයකි.

Virtual Private Network (VPN)

VPN යනු ඉන්ටර්නෙට්හි භාවිතා කළ හැකි ආරක්ෂිත ජාලයකි. ඉන්ටර්නෙට් සෝදිසි කිරීම්, මැදිහත්වීම් සහ වාරණයන්ගෙන් වැළකී සිටීමට මෙය භාවිතා කිරීමට හැකියාව පවතී.

ඉන්ටර්නෙට් ඔස්සේ VPN යනුවෙන් ටයිප්කර සර්ච් කිරීමෙන් ඔබට භාවිතයට පහසු VPN සේවාවක් පහසුවෙන් භාගත කරගැනීමට හැකියාව පවතී. ඉන්පසු එම යෙදුම භාවිතයෙන් ඔබට අවශ්‍ය සමාජ මාධ්‍ය ජාලාවෙත පිවිසීමට අවස්ථාව හිමිවෙයි.

Related articles

error: Content is protected !!