27.5 C
Galle

සමාජ මාධ්‍ය තහනමට ඇමති නාමල් සහ සජිත් විරුද්ධ වෙති

Published:

ශ්‍රී ලංකාව තුළ සමාජ මාධ්‍ය තහනම් කිරීම නැවත සළකා බලන ලෙසට තමන් රජයෙන් ඉල්ලා සිටින බව අමාත්‍ය නාමල් රාජපක්ෂ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියි.

තමන් දැනටමත් VPN බාවිතා කරන බවත්, අන් අය ද එලෙස භාවිතා කරන බැවින් මෙය නිෂ්ඵල තහනමක් බවත් එලෙස සමාජ මාධ්‍ය තහනම් කිරීම තමන් කිසිසේත්ම අනුමත නොකරන බවත් අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසයි.

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද සමාජ මාධ්‍ය තහනම හේතුවෙන් රජය කෙරෙහි ඇති කෝපය සහ පිළිකුල තවත් වර්ධනය වන බවත් පවසයි.

ශ්‍රී ලංකාව තුළ සමාජ මාධ්‍යවලට පිවසීම අවහිර කළ බව අද (03) විදුලි සංදේශ නියාමන කොමිසම තහවුරු කළේය.

Related articles

error: Content is protected !!