28.3 C
Galle

“භාරකාර ආණ්ඩුවක් නැත්නම් අපි යනවා” – ශ්‍රීලනිප කියයි

Published:

පවතින අර්බුදයෙන් මිදීම සඳහා භාරකාර ආණ්ඩුවක් පත් නොකරන්නේ නම් ආණ්ඩු පක්ෂයට සහයෝගය දැක්වීමෙන් ඉවත්වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිඛිතව දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකරගේ අත්සනින් එම ලිපිය යොමුකර ඇත.

එම පක්ෂය පවසන්නේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කර භාරකාර ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවයි. එමෙන් ම ඉදිරි සතියේ එම වැඩපිළිවෙල ක්‍රියාත්මක නොකරන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව සිටින බව ද එම ලිපිය මගින් ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 14 දෙනෙක් පාර්ලිමේන්තුවේ සිටිති.

Related articles

spot_img
error: Content is protected !!