28.3 C
Galle

කොලපතේ ලියාගෙන, හුළු අතු දල්වාගෙන ගාල්ලේ කළ උද්ඝෝෂණය

Published:

ගාල්ල, වක්වැල්ලේ මොල්ලිගොඩවත්ත මංසන්ධියේ දී උක්වත්ත හා මොල්ලිගොඩවත්ත ගම්වාසීන් එක්ව උද්ඝෝෂණයක් පවත්වනු ලැබීය.

විදුලිය කප්පාදුව, ඉන්ධන නොමැතිවීම, ගෑස් නොමැතිවීම හා ජීවන වියදම ඉහළයාම යන කරුණුවලට විරෝධය දක්වමින් මෙම උද්ඝෝෂණය පැවැත්විණි.

මෙහි විශේෂත්වය වූයේ සටන්පාඨ සහිත පුවරු ලිවීමට කඩදාසි නොමැතිවීම හේතුවෙන් ඔවුන් ඒ සඳහා කොළපත්, හබරල කොළ සහ පොල්අතු භාවිතා කර තිබීමයි. එමෙන් ම විරෝධතාවයේ යෙදුණු පිරිස් ඊට එක්ව තිබුණේ හුළු අතු දල්වාගනිමිනි.

Related articles

spot_img
error: Content is protected !!