29.4 C
Galle

තංගල්ලේ උද්ඝෝෂකයන්ට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර

Published:

තංගල්ලේ කාල්ටන් නිවස ඉදිරිපිට රැස්ව සිටින උද්ඝෝෂකයන්ට කැරළි මර්ධන ඒකකය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීම මේ මොහොතේ ආරම්භ කළේය.

මහින්ද රාජපක්ෂ අගමැතිවරයාට අයත් කාල්ටන් නිවස ඉදිරිපිට උදෑසන සිට පැමිණ සිටින උද්ඝෝෂකයෝ තංගල්ල බස් නැවතුම්පොළ අසළ සිට ක්‍රමයෙන් පොලිස් බාධක එකින් එක පෙරළමින් පැමිණ නිවස ඉදිරිපිටම ඇති පොලිස් බාධකය ද පෙරළා දැමීමත් සමඟම මෙලෙස කඳුළු ගෑස් ප්‍රහාරය සහ ජල ප්‍රහාර එල්ල කෙරිණි.

මෙම ස්ථානයේ ආරම්භයේ දී 500ක පමණ පිරිසක් සිටිය ද මේ වනවිට 2,000කට වැඩි පිරිසක් රැස්ව සිටිති.

Related articles

spot_img
error: Content is protected !!