28.3 C
Galle

රාජපක්ෂවරු 04 දෙනකුට, නැවත ඇමතිධූර නෑ

Published:

බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ සහ ශෂීන්ද්‍ර රාජපක්ෂ යන හිටපු ඇමතිවරු තිදෙනාට නව අමාත්‍ය මණ්ඩලය පත්කිරීමේ දී ඇමතිධූර ලබා නොදෙන බව අගමැති මහින්ද රාජපක්ෂ අද (04) ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු හමුවේ ප්‍රකාශ කර තිබේ.

ඔවුන් සිව් දෙනාගේ ඉල්ලීමකට අනුව එම තීරණය ගෙන ඇතැයි ද වාර්තා වේ.

එම හමුව අද ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එහි දී අගමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ජනාධිපතිවරයා සියලු පක්ෂ සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව නව කැබිනට් මණ්ඩලය පත්කිරීමට කටයුතු කරනු ඇති බවයි.

Related articles

spot_img
error: Content is protected !!