26.8 C
Galle

හමුදා මුර යෙදූ කන්ටේනරය ගැන වරාය අධිකාරිය කියන කතාව

Published:

කොළඹ වරායේ සිට හමුදා ආරක්ෂාව යටතේ රටින් පිටකිරීමට සූදානම් කර ඇති කන්ටේනරයේ ඇත්තේ විකිරණශීලී ද්‍රව්‍ය තොගයක් යැයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

අද (05) කන්ටේනරය හමුදාවේ ආරක්ෂාව යටතේ පිටකරන බව පෙන්වමින් අපගේ rata.lk වෙබ් අඩවිය ඇතුළු වෙබ් අඩවි ගණනාවකින් සහ සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කෙරිණි.

ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාවේ අනුමැතිය පරිදි මෙම කන්ටේනරය පිටකරන බව ද එවැනි අවස්ථාවක දී විශේෂ කාර්ය බලකාය ස්ථානගත කිරීම සාමාන්‍ය දෙයක් බව ද එම නිවේදනය මගින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය පෙන්වා දෙයි.

වරාය අධිකාරිය පවසන්නේ එම කන්ටේනරයේ විනාශ කිරීම සඳහා නැවත අපනයන කරන විකිරණශීලී ද්‍රව්‍ය තොගයක් බවයි.

Related articles

spot_img
error: Content is protected !!