27.5 C
Galle

මහ බැංකුවේ නව අධිපතිවරයා ගැන ආයෝජකයෝ විශ්වාසය තබති

Published:

මහ බැංකුවේ අධිපතිවරයා ලෙස අභිනවයෙන් රාජකාරී භාරගැනීමට නියමිත ආචාර්ය නන්දලාල් වීරසිංහ මූල්‍ය ක්ෂේත්‍රයේ සහ කොටස් වෙළෙඳ පොළ ක්ෂේත්‍රයේ ප්‍රවීනයකු ලෙස පිළිගැනෙන අතර ජාත්‍යන්තරව පිළිගැනීමට ලක්වූ පර්යේෂණ සහ නිබන්ධන රාශියක කතුවරයා ද වෙයි.

විශේෂයෙන් ම 2012 වර්ෂයේ දී ඉන්දියාවේ උද්ගත වූ මූල්‍ය අර්බුදය හමුවේ දකුණු ආසියානු කලාපය භාරව සිටි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂවරයකු වූ ඒ මහතා ඉන්දීය විදේශ විනිමය අර්බුදය විසඳා ගැනීම සඳහා අතිවිශාල දායකත්වයක් ලබා දී තිබේ.

දැනට ඕස්ට්‍රේලියාවේ ජීවත්වන ඔහුගෙන් කොළඹ කොටස් වෙළෙඳ පොළ කටුයුතු කෙරෙහි සාධනීය බලපෑඹක් වනු ඇතැයි ආයෝජකයෝ විශ්වාසය පළකරති.

ඔහු මහ බැංකු අධිපතිවරයා ලෙස පත්වන බවට ලැබුණු තොරතුරත් සමඟ අද (05) කොටස් වෙළෙඳ පොළ සියලු දර්ශක වල වර්ධනයක් ද දක්නැට ලැබීම විශේෂත්වයකි.

අද (05) දිනයේ ගනුදෙනු 17,536ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,139ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 493කින් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,738ක් ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 342
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 92
  • එල්ඕඑල්සී සමාගම රුපියල් මිලියන 59

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 12
  • එස්.එන්.බී. ලීසිං සමාගම කොටස් මිලියන 05
  • ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම කොටස් මිලියන 04

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් 33%
  • බෝගල ග්‍රැෆයිට් 24%
  • මඩොල්සිම වැවිලි සමාගම 24%

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 337
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 222
  • ජෝන් කීල්ස්  සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන  203

සංවෘත කවය තුළ කොටස් ගනුදෙනු වූ සමාගම්

  • මෙල්ස්ටා කොප් සමාගමේ කොටස් 850,000ක් රුපියල් 40.00 බැගින්

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 70ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 34කොටස් විකුණා තිබිණි. ඒ අනුව අද දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳ පොළට විදේශ ආයෝජකයන් විසින් රුපියල් මිලියන 36ක් ආයෝජනය කර තිබේ.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 34
  • වැලිබල් ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 13
  • ජෝන් කීලීස් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 11
  • සීටී හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 03
  • ඇස්කොට් සමාගම රුපියල් මිලියන 01

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • හේලීස් ෆැබ්රික් සමාගම රුපියල් මිලියන 20
  • සිලෝන් ටුබැකෝ සමාගම රුපියල් මිලියන 04
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 2.7
  • ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 2.2
  • සම්පත් බැංකුව රුපියල් මිලියන 1.5

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!