27.5 C
Galle

ආයුධ සන්නද්ධව, අංක තහඩු නැති යතුරුපැදිවලින් පාර්ලිමේන්තුව අසළට ආ අය කවුද?

Published:

පාර්ලිමේන්තු වටරවුම අසළ උද්ඝෝෂණයක් පැවැත්වෙමින් තිබිය දී අංක තහඩු නොමැති යතුරුපැදිවලින් පැමිණි යුද හමුදාවේ ඇඳුමට සමාන ඇඳුම් ඇඳගත් ආයුධ සන්නද්ධ පිරිසක් නතර කිරීමට එතැන සිටි පොලිස් නිලධාරීන් අද කටයුතු කළේය.

ඔවුන්ගේ අනන්‍යතාව හෙළි නොකර නැවත එතැනින් ඉවත්වීමට උත්සාහ ගැනීමේ දී ඔවුන් රඳවා ගැනීමට පොලිසිය උත්සාහගන්නේ යතුරුපැදිය පනගන්වන යතුර ද ගලවා ගැනීමට තැත්කරමිනි. නමුත් යතුරුපැදි කරුවෝ උද්ඝෝෂකයන්ගේ හූ හඩ මැදින් ආපසු හැරී යයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස් මාධ්‍ය පොලිස්පතිවරයා දැනුම් දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මේ අතර යුද හමුදා මාධ්‍ය ඒකකය ද නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ අද සවස හමුදාවේ යතුපැදි ඒකකයේ සිව්දෙනකු පාර්ලිමේන්තු සංකීර්ණය අසළ මාර්ග බාධකයට පැමිණි අවස්ථාවේ ඔවුන්ට සුදුසු නොවන ආකාරයෙන් හැසිරුණු පොලිස් නිලධාරීන් දෙදෙනකු සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් කර විනයානුකූළ ලෙස කටයුතු කරන්න යැයි යුද හමුදාපතිවරයා විසින් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇති බවයි.

Related articles

error: Content is protected !!