27.5 C
Galle

හදිසි නීතිය, හදිසියේ ම ඉවත්කරයි. ජනපතිගෙන් තවත් ගැසට් නිවේදනයක්

Published:

රට පුරා පනවා තිබූ හදිසි නීතිය අද (05) මධ්‍යම රාත්‍රිියේ සිට වහාම ක්‍රියාත්මක වනපරිදි ඉවත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. අංක 2274/10 යනුවෙන් සඳහන් එම ගැසට් නිවේදනයේ මෙලෙස දැක්වේ.

“ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ‍ගෝඨාභය රාජපක්ෂ වන මම, (40 වන අධිකාරිය වූ) මහජන ආරක්ෂක ආඥාපනතේ 2 වන වගන්තියෙන් මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාර, එහි ආඥාපනතේ II වන කොටසේ විධිවිධාන 2022 අප්‍රේල් මස 01 වන දින සිට ශ්‍රී ලංකාව මුළුල්ලේ ම ක්‍රියාත්මක වන බව ප්‍රකාශයට පත් කරමින් නිකුත් කරන ලද ප්‍රකාශය 2022 අප්‍රේල් මස 05 වන දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙයින් ප්‍රත්‍යාදිෂ්ඨ කරමි.”

Related articles

error: Content is protected !!