26.8 C
Galle

රටේ තත්වය ගැන, පාර්ලිමේන්තු විවාදය අද සහ හෙට

Published:

දැනට රටේ උද්ගත වී ඇති අර්බුදකාරී වතාවරණය පිළිබඳ අද (06) සහ හෙට (07) පාර්ලිමේන්තුවේ දී විවාදයක් පැවැත්වෙයි.

මේ සම්බන්ධයෙන් ඊයේ (05) පාර්ලිමේන්තුවේ පැවැති පක්ෂ නායක රැස්වීමේ දී සාකච්ඡා කළ ද එහි දී තීරණයකට එළැඹීමට නොහැකි විය.

රටේ පවතින තත්වය සම්බන්ධයේන අදත් හෙටත් විවාද කර අවසන් තීරණයක් ගැනීමට එහි දී තීරණය කෙරුණු බැවින් මෙලෙස අද විවාදය ආරම්භවීමට නියමිතය.

පසුගිය 01 දා සිට රට පුරා ම පනවා තිබූ හදිසි නීතිය ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!