27.5 C
Galle

“නොදන්න ටිංකිරිවලට කහින බයියන්ගේ දැනගැනීම පිණිස”

Published:

විශ්‍රාමික හමුදා මේජර් ජනරාල්වරයකු වන චාගී ගාල්ලගේ සිය facebook ගිනුමේ සටහනක් තබමින් “නොදන්න ටිංකිරිවලට කහින බයියන්ගේ දැනගැනීම පිණිස, හෙට සිට පොලීසියට හමුදාවෙන් කෑම” යනුවෙන් සටහනක් තබා තිබේ. එහි මරණයේ සළකුණ ලෙස පිළිගැණෙන මිනී ඔළුවක් ද සටහන් කර තිබේ.

ඔහු මෙලෙස කෑම යනුවෙන් සඳහන් කර ඇත්තේ ආහාර ලබාදීමක් සම්බන්ධයෙන් ද නැතිනම් පොලිසියට හමුදාවෙන් එල්ලකරනු ලබන තර්ජනයක් ද යන්න පැහැදිළිකර නැත.

ඊයේ සවස පාර්ලිමේන්තු වට රවුම අසළ උද්ඝෝෂණයක් පැවැත්වෙමින් තිබිය දී ආයුධ සන්නද්ධව අංක තහඩු නොමැති යතුරුපැදි දෙකකින් පැමිණි හමුදාවේ යැයි කියාගත් සිව් දෙනකු නැවත්වීමට පොලිසිය කටයුතු කළ විට ඔවුන් නැවත හැරී එතැනින් වේගයෙන් ඉවත්ව ගියේ ජනතා හූ හඬ මධ්‍යයේය.

මෙම සිද්ධියෙන් පසු එ් පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙසත් හමුදාවට බලපෑඹ් කළ පොලිස් නිලධාරීන්ට විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් යුද හමුදාපතිවරයා පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇතැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කර තිබිණි.

එවැනි තත්වයක් තුළ විශ්‍රාමික හමුදා නිලධාරියකු වන චාගී ගාල්ලගේ මෙවැනි සටහනක් තැබීමෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න ප්‍රශ්නාර්ථයකි.

ජනාධිපතිවරණය පැවැති කාලයේ ඔහුගේ පළකිරිම්

Related articles

error: Content is protected !!