26.8 C
Galle

ජනපතිගේ ආරාධනයට ශ්‍රීලනිපය බෑ කියයි

Published:

නැවත කැබිනට් මණ්ඩලය නියෝජනය කරමින් සහාය ලබාදෙන්න යැයි ජනාධිපතිවරයා කරන ලද ඉල්ලීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ‍ය ප්‍රතික්ෂේප කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අද (06) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක දී මේ බව ප්‍රකාශ කළේය.

රටේ ඇති වී තිබෙන අර්බුදකාරී තත්වය සැළකිල්ලට ගනිමින් පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව සිටීමට තම පක්ෂය ගත් තීරණයේ වෙනසක් නැති බව ද ඔහු පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, හිටපු අමාත්‍ය මහින්ද අමරවීර, ජාතික සංවිධායක හිටපු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, භාණ්ඩාගාරික, හිටපු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, එහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ෂාන් විජයලාල් ද සිල්වා, ජගත් පුෂ්පකුමාර, චාමර සම්පත් දසනායක, සාරථී දුෂ්මන්ත මිත්‍රපාල, අංගජන් රාමනාදන්, ආචාර්ය සුරේන් රාඝවන් යන මහත්වරු ද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියහ.

Related articles

spot_img
error: Content is protected !!