27.5 C
Galle

කොටස් වෙළඳ පොළ ආයෝජකයෝ නව මහ බැංකු අධිපති ගැන විශ්වාසය තබති

Published:

ආචාර්ය නන්දලාල් වීරසිංහ හෙට මහබැංකු අධිපතිවරයා ලෙස තම රාජකාරී ආරම්භ කිරීමට නියමිතය. මූල්‍ය ක්ෂේත්‍රයේ සහ කොටස් වෙළෙඳ පොළ ක්ෂේත්‍රයේ ප්‍රවීනයකු ලෙස පිළිගැනෙන ඔහුගේ පත්වීම ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ශක්තියක් වනු ඇතැයි ආයෝජකයෝ විශ්වාසය පළකරති.

අද (06) දිනයේ ගනුදෙනු 16,786ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,944ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 157කින් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,580ක් ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 695
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 191
  • එල්ඕඑල්සී සමාගම රුපියල් මිලියන 150

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 13
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 11
  • එස්.එන්.බී. ලීසිං සමාගම කොටස් මිලියන 10

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ෆෝට්රස් හොටෙල් සමාගම 25%
  • සපුගස්තැන්න වැවිළි සමාගම 20%
  • රම්බොඩ ෆෝල්ස් සමාගම 16%

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 326
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 216
  • ජෝන් කීල්ස්  සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන  200

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 240ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 94කොටස් විකුණා තිබිණි. ඒ අනුව අද දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳ පොළට විදේශ ආයෝජකයන් විසින් රුපියල් මිලියන 146ක් ආයෝජනය කර තිබේ.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ජෝන් කීලීස් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 187
  • මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 20
  • වැලිබල් ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 16
  • එල්බී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 2.4
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 1.5

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • හේලීස් ෆැබ්රික් සමාගම රුපියල් මිලියන 20
  • සිලෝන් ටුබැකෝ සමාගම රුපියල් මිලියන 67
  • එලිෆන්ට් හවුස් සමාගම රුපියල් මිලියන 11
  • එච්එන්බී බැංකුව රුපියල් මිලියන 03
  • කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 1.9
  • සම්පත් බැංකුව රුපියල් මිලියන 1.9

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!