30.5 C
Galle

අන්තර්වාර ආණ්ඩුවක් නෑ. නව ඇමති මණ්ඩලය පැය කිහිපයකින් පත්වෙයි ?

Published:

නව කැබිනට් මණ්ඩලයක් ඉදිරි පැය කිහිපය තුළ පත්කිරීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග පවසයි. ඊයේ (06) රාත්‍රී අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී මේ ගැන සාකච්ඡා වී ඇත.

නව අමාත්‍ය මණ්ඩලය පත්කිරීමෙන් පසු ඉතා ඉක්මණින් තෙල්, විදුලි හා ගෑස් අර්බුදයට විසඳුම් ලබාදිය හැකියැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් උඳුගොඩ කියා සිටියේය.

නව අමාත්‍ය මණ්ඩලය අද (07) හෝ හෙට (08) පත්වීමට නියමිතය.

මේ අතර විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු නව කැබිනට් මණ්ඩලයේ ධූරයන් භාර නොගැනීමට තීරණය කර ඇති බැවින් අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීමට නොහැකි තත්වයක් උදා වී තිබේ.

Related articles

spot_img
error: Content is protected !!