28.6 C
Galle

හිටපු මහ බැංකු අධිපතිට රටින් පිටවීම තහනම්

Published:

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට රටින් පිටවීම වළක්වාලමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (07) නියෝගයක් නිකුත් කරන ලදී.

කබ්රාල් මහ බැංකුවේ අධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේ මහජන මුදල් අවභාවිත කළ බවට චෝදනා කරමින් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් විසින් ගොනුකළ පැමිණිල්ලකට අනුව මෙම නියෝගය නිකුත් කර තිබේ.

අජිත් නිවාඩ් කබ්රාල්ට එළඹෙන අප්‍රේල් 18 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට සිතාසි ද නිකුත් කර තිබේ.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල විසින් මෙම නියෝග ලබාදී ඇත.

Related articles

spot_img
error: Content is protected !!