27.5 C
Galle

රාජ්‍ය අංශයට තවත් නිවාඩු

Published:

ලබන සතියේ දින දෙකක් රජයේ නිවාඩු බවට ප්‍රකාශයට පත් කරමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. 

එම චක්‍රලේඛයට අනුව 2022 අප්‍රේල් මස 11 සහ 12 යන දෙදින රජයේ නිවාඩු දින ලෙස නම් කර ඇත. 

සිංහල හා හින්දු අළුත් අවුරුද්ද වෙනුවෙන් අප්‍රේල් මස 13 සහ 14 දින දෙක ද මහ සිකුරාදා යෙදෙන අප්‍රේල් 15 දින ද නිවාඩු දින ලෙස මින්පෙර ප්‍රකාශයට පත්කර තිබිණි.

මේ අනුව 2022 වසරේ සිංහල හා හින්දු අළුත් අවුරුද්ද සැමරීම සඳහා සෙනසුරාදා සහ ඉරිදා දින 04ක් ද ඇතුළුව දින 09ක දීර්ඝ නිවාඩුවක් රාජ්‍ය අංශයට ලැබේ.

Related articles

error: Content is protected !!