28.3 C
Galle

අලි සබ්‍රි තවමත් මුදල් ඇමති ?

Published:

 තමන් තවමත් මුදල් ඇමති ධූරයේ කටයුතු කරන බව අලි සබ්‍රි අද (08) පාර්ලිමේන්තුවේ දී කීවේය.

ඊයේ (07) දෙරණ නාලිකාවේ බිග් ෆෝකස් වැඩසටහනට එක් වෙමින් තමන්ට එල්ල වූ දැඩි පීඩනය හමුවේ මුදල් ඇමති ධූරයෙන් ඉල්ලා අස්වූ බව ප්‍රකාශ කළ අලි සබ්‍රි අද පාර්ලිමේන්තුවේ දී කියන්නේ වෙනත් කතාවකි.

මුදල් ඇමති තනතුර බාර ගැනීමට වෙනත් අයකු ඉදිරිපත් නොවන්නේ නම් තමන් කවර බාධක ඇතිවුව ද එහි කටයුතු කිරීමට කැපවන බව හෙතෙම කීවේය. ඔහු ඊයේ කීවේ කවුරුන් හෝ විශේෂඥයකුට මේ තනතුර දීම සඳහා තමන් මන්ත්‍රී ධූරයෙන් ඉවත්වීමට ද සූදානම් බවයි.

Related articles

spot_img
error: Content is protected !!