30.5 C
Galle

කාන්තාවක් මරා, යතුරුපැදියත් සමඟ වළදාලා

Published:

ඝාතනය කර යතුරුපැදියක් ද සමඟ වළ දමා තිබූ කාන්තාවකගේ මළ සිරුරුක් සොයාගත් බව පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනය කර ඇත්තේ යාපනයේ, මනියම්තෝටෙයි, උදයපුරම් ප්‍රදේශයේ පදිංචිව සිටි 42 හැවිරිදි කාන්තාවකි. මුදල් පොළියට දෙන ඇය පසුගිය 01 වැනි දා සිට අතුරුදන්ව සිටියාය.

ඇගේ අතුරුදන්වීම ගැන කරන ලද විමර්ශනවල දී අනාවරණය වූ තොරතුරු මත මෙම සිරුර සහ යතුරුපැදිය වළ දමා ඇති ස්ථානයෙන් ගොඩ ගැනීමට පොලිසිය සමත්ව තිබේ.

පොලිසිය සඳහන් කරන්නේ ඇගේ සිරුර වළ දමා තිබුණේ සැකකරුගේ නිවස පිටුපස බවයි. ඒ අනුව ඝාතනය සම්බන්ධයෙන් සැකපිට එම නිවසේ හිමිකරු, ඔහුගේ බිරිඳ සහ තවත් අයකු අත්අඩංගුවට ගෙන ඇත.

මුදල් ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය කරන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

Related articles

spot_img
error: Content is protected !!