28.9 C
Galle

පොළී අනුපාත ඉහළ දැමීමෙන් සිදුවන දේ දැනගන්න

Published:

මහ බැංකු අධිපතිවරයා ලෙස ආචාර්ය නන්දලාල් වීරසිංහ රාජකාරී ආරම්භ කිරීමත් සමඟ සිදුකළ පළමු කාරයයක් වන්නේ මෙරට ප්‍රතිපත්තිමය පොළී අනුපාතිකය ඉහළ දැමීමයි.

ආර්ථික විශේෂඥයන් පවසන්නේ පොළී අනුපාතිකය පදනම් අංක 700කින් ඉහළ දැමීම හේතුවෙවන් තැන්පතු පහසුකම් අනුපාතිකය 13.5%ක් හා නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 14.5% දක්වා ඉහළ ගිය බවයි.

මේ හේතුවෙන් ණය ගැනීමේ දී ගෙවීමට සිදුවන පොළී අනුපාතය තවදුරටත් ඉහළ යයි. එපමණක් නොව බැංකු මගින් තැන්පතු සඳහා ලබාදෙන පොළී අනුපාතිකය ද වැඩිවීමට නියමිතය. මේ වැඩිවීම ද 7%ක් වැනි ප්‍රමාණයක් වුව ද එය එතරම් අගයකින් වැඩිවනු ඇත් ද යන්න තවමත් අවිනිශ්චිතය.

කොරෝනා වසංගත කාලයේ ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් ට්‍රිලියන 1.5ක පමණ මුදල ප්‍රමාණයක් මුද්‍රණය කර තිබූ අතර 2022 ජනවාරි 01 වැනි දා සිට අප්‍රේල් 08 වැනි දා දක්වා මුද්‍රණය කළ මුදල් ප්‍රමාණය බිලියන 430ක් පමණ වෙයි.

මෙලෙස මුදල් මුද්‍රණය කිරීම හේතුවෙන් ඇති වී තිබෙන ඉල්ලුනේ සිදුවූ උද්ධමනය අඩු කිරීමට නම් පොළී අනුපාත ඉහළ දැමීම අත්‍යාවශ්‍ය කරුණක් බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති. එමගින් මුදල් සංසරණය අඩුකර, තැන්පතු ප්‍රමාණය වැඩි කර, ණය ගැනීම් සඳහා ජනතාව අධෛර්යමත් කිරිම ද අපේක්ෂිතය.  

Related articles

spot_img
error: Content is protected !!