29.4 C
Galle

මහජන ආරක්ෂාව ම ඉල්ලූ සරත් වීරසේකර ඇමතිකම් එපා කියයි

Published:

නව කැබිනට් මණ්ඩලය පත්කිරීමේ දී තමන් කිසිදු තනතුරක් ලබා නොගැනීමට තීරණය කළ බව හිටපු අමාත්‍ය විශ්‍රාමික රියද් අද්මිරාල් සරත් වීරසේකර පවසයි.

රටේ පවතින වර්තමාන අර්බුදය හේතුවෙන් මෙවැනි තීරණයක් ගත් බව පවසමින් ඔහු නිවේදනයක් ද නිකුත් කර ඇත.

රටේ ඒකීයභාවය, සම්බුද්ධ ශාසනය සහ ජනතාව වෙනුනේ පෙනී සිටින අතර ඉදිරියටත් තම යුතුකම ඉටුකරන බව ද ඔහු එම නිවේදනයේ දක්වා ඇත.

කෙසේ වෙතත් පසුගිය දා අමාත්‍ය මණ්ඩලය ඉල්ලා අස්වීමෙන් පසු නව අමාත්‍ය මණ්ඩලයක් පත්කිරීමේදී හිටපු අමාත්‍ය සරත් වීරසේකරට මහජන ආරක්ෂක අමාත්‍යාංශය නොදිය යුතු බවට ආණ්ඩුව අභ්‍යන්තරයේ ඇති වූ සාකච්ඡාවක දී ඒ සම්බන්ධයෙන් ඔහුගෙන් විශාල විරෝධයක් එල්ල වී තිබුණු බව ද වාර්තා විය.

Related articles

spot_img
error: Content is protected !!