28.9 C
Galle

ඉන්දියාවෙන් ලැබුණු ඉන්ධන අවසන්. මැයි මාසයේ ඉන්ධන නැත්තට ම නෑ

Published:

මැයි මාසයේ දී මෙරට ‍ඉන්ධන නොමැතිවන බවත්, ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ලැබෙන ඉන්ධන අප්‍රේල් 23 වැනි දා අවසන් බවත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වෘත්තීය සමිති පවසයි.

සමගි වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත පවසන්නේ මැයි මාසයේ සිට රට ම නවතින තැනට කටයුතු සිදුවෙමින් පවතින බවයි. ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ලැබෙන අවසන් ඉන්ධන නැව් දෙක පැමිණීමට නියමිත බවත් ඉන් පසු නැවත ඉන්ධන ලබාගැනීමේ ක්‍රමයක් ගැන කිසිදු සැළැස්මක් නොමැති බවත් ඔහු පැවසීය.

ඉන්දියාවෙන් ලැබුණු තෙල් තොග හේතුවෙන් පසුගිය දිනවල විදුලි කප්පාදුව අඩු කළ ද ඉදිරියේ දී විදුලි කප්පාදුකරන කාලය වැඩිකිරීමට සිදුවන බවත් වෘත්තීය සමිති පෙන්වාදෙයි.

Related articles

spot_img
error: Content is protected !!