27.1 C
Galle

අධිකරණ ඇමති කෙනෙක් නෑ

Published:

කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අද (18) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දුන්න ද රටක ප්‍රධානත ම අමාත්‍යාංශයක් වූ අධිකරණ විෂයය සඳහා අමාත්‍යවරයෙක් පත්කර නැත.

මීට පෙර එම අමාත්‍යාංශයේ කටයුතු කරන ලද්දේ අලි සබ්‍රි අමාත්‍යවරයාය. සියලු ම අමාත්‍යවරු ඉල්ලා අස්වීමෙන් පසු අලි සබ්‍රි මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය. පසුව ඔහු ප්‍රකාශ කළේ එම තනතුරින් තමන් ඉල්ලා අස්වූ බවයි. නමුත් ජනාධිපතිවරයා විසින් තමන්ගේ ඉල්ලා අස්වීම පිළිනොගත් බැවින් මුදල් අමාත්‍යවරයා ලෙස තවදුරටත් කටයුතු කරන බව ද අමාත්‍ය අලි සබ්‍රි කීවේය.

කෙ‍සේ වෙතත් මේ දක්වා ම අධිකරණ විෂයය භාර අමාත්‍යවරයෙක් පත්කර නැත.

Related articles

spot_img
error: Content is protected !!