32.2 C
Galle

රඹුක්කන විරෝධයට පොලිසියෙන් වෙඩි. තිදෙනකුට තුවාලයි

Published:

රඹුක්කන නගරයේ අද (19) අළුයම සිට ‍මාර්ග සහ දුම්රිය මාර්ග වසාගෙන සිටින විරෝධතා කරුවන් විසුරුවාහැරීම සහා පොලිසියෙ වෙඩි තබා ඇතැයි වාර්තා වේ.

මෙම වෙඩි තැබීමෙන් අරගලකරුවන් තිදෙනකු තුවාල ලබා ඇත.

ඉන්ධන ගැටලුවට විසඳුම් ඉල්ලා ඔවුන් මේ උද්ඝෝෂණය ආරම්භ කරන ලද්දේ අලුයම 1.30ට පමණය. පිරිසක් මහනුවර කොළඹ දුම්රිය මාර්ගය වසා විරෝධතා‍වයේ නිරතවන අතර තවත් පිරිසක් රඹුක්කන, කෑගල්ල, කුරුණෑගල සහ මාවනැල්ල මාර්ග වසා දමා විරෝධතාවයේ නිරතව සිටිති.

ඔවුන් විසුරුවාහැරීම සඳහා පොලිසිය අද සවස කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කළහ. මේ කඳුළුගෑස් ප්‍රහාරය අතරතුර වෙඩි තැබීම සිදුව ඇතැයි මාධ්‍යවේදීන් පවසයි.

Related articles

error: Content is protected !!