28.3 C
Galle

ආණ්ඩුවෙන් තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් විපක්ෂයට එක්වෙති

Published:

මෙතෙක් ආණ්ඩුවට සහය දැක්වූ ෆයිසල් කාසිම්, ඉෂාක් රහුමාන ්සහ එම්.එස්.තවුෆික් යන මන්ත්‍රීවරු තිදෙනා අද (20) ආණ්ඩු පක්ෂයෙන් ඉවත්ව විපක්ෂයේ අසුන් ගත්හ.

කාසිම් සහ තවුෆික් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍ර‍සයෙන් පාර්ලිමේන්තුවට පත්ව රජයට සහය දක්වමින් සිටියහ. එම පක්ෂෂයේ නායකත්වය දරන්නේ රාවුෆ් හකීම් විසිනි.

ඉෂාක් රහුමාන් රිෂාඩ් බදුයිදීන් නායකත්වය දරන සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පත්වූවේය.

වත්මන් රජය බලයට පත්වී 20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ දී ඔවුන් තිදෙනාම ඊට පක්ෂව ඡන්දය පාවිච්චි කර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!