32.2 C
Galle

rata.lk පුවත පළවී පැය දෙකක් යාමට පෙර කලාප කාර්යාලය දෙන්න බෑ කියූ තොරතුරු ලබාදෙයි

Published:

ගාල්ල අධ්‍යාපන කලාප කාර්යාලය සිය අකාර්යක්ෂමතාව හේතුවෙන් 2016 අංක 12 දරණ තොරතතුරු දැනගැනීමේ පනතෙන් පුරවැසියාට ඇති අයිතිය නොසළකා හරින බවට අද (21) rata.lk ප්‍රවෘත්තියක් පළ කර පැය දෙකහමාරක කාලයක දී එම තොරතුරු ලබාදීමට කටයුතු කර තිබේ.

පසුගිය මාර්තු 21 වැනි දින අතින් ගෙන ගොස් භාරදෙන ලිපියක් මගින්, ගාල්ල කලාප කාර්යාලයෙන් තොරතුරු ඉල්ලා සිටි අතර එමගින් පාසල්වල උදෑසන වැඩසටහන් සම්බන්ධයෙන් නිකුත්කර ඇති චක්‍රලේඛ පිළිබඳ විමසා තිබිණි. දින 14ක් ඇතුළත එයට අදාල පිළිතුරු නොලැබීම හේතුවෙන් කරන ලද විමසීමක දී එම කාර්යාලයේ පරිපාලන නිලධාරිනිය ප්‍රකාශ කර තිබුණේ කාර්යාලයේ වෙනත් අංශයකින් තොරතුරු ඉල්ලා ඇතත් එය ලැබී නැති බැවින් තොරතුරු ලබාදිය නොහැකි බවයි.

මෙය කාර්යාලයීය අභ්‍යන්තර ප්‍රශ්නයක් බවත් කාර්යාලයේ අකාර්යක්ෂමතාව හේතුවෙන් පුරවැසි අයිතිය නැතිකිරීමට නොහැකි බවත් පවසමින් අපි rata.lk එම සිද්ධිය අනාවරණය කළෙමු. ඒ දහවල් 12.00ට පමණය. ඉන් පැය දෙකක් ගතවීමටත් පෙර එතෙක් ලබාදිය නොහැකි බව කී තොරතුරු නිකුත් කිරීමට ගාල්ල අධ්‍යාපන කලාප කාර්යාලය කටයුතු කර තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!