26.8 C
Galle

රජය ගෑස් මිල වැඩි කරයි

Published:

රජය සතු සමාගමක් වන Litro සමාගම අද (26) මධ්‍යම රාත්‍රියේ සිට කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,860.00ක් දක්වා ඉහළ දමා තිබේ.

මීට පෙර එම සිලින්ඩරයේ විකුණුම් මිල වූයේ රුපියල් 2,675.00 කි. ඒ අනුව එකවිට 59.25% කින් වැඩි කර තිබේ.

මීට අමතරව කිලෝ ග්‍රෑම් 5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 874.00කින් මිල ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 1,945.00කි. කිලෝ ග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 407කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 910.00කි.

Related articles

spot_img
error: Content is protected !!