27.7 C
Galle

ජනාධිපති සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා පක්ෂ නායකයන්ට ආරාධනා කරයි

Published:

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එකතුවන්න යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ වෙත ලිපියක් යවමින් ආරාධනා කර තිබෙබ්.

සමගි ජන බලවගේයේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය ඇතුළු සියලු පක්ෂවලට ඔහු මෙම ආරාධනය සිදුකර ඇතැයි වාර්තාවේ.

අගමැතිවරයා ඇතුළලු කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වී නව අගමැතිවරයකු සහ කැබිනට් මණ්ඩලයක් පත්කරගැනීමට ජනාධිපතිවරයා එකඟ වී ඇතැයි ද දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

හෙට (28) සවස ආණ්ඩු පක්ෂ්‍ය නියෝජනය කරන ඇමතිවරු සහ මන්ත්‍රීවරු ජනාධිපතිවරයා විසින් සාකච්ඡාවක් සඳහා කැඳවා ඇත. එම සාකච්ඡාවෙන් පසු 29 වැනි දා සියලුම පකෂ නායකයන් සමඟ ජනාධිපතිවරයා සාකච්ඡාවක් පවත්වන බව ද දැනගන්නට ඇත.

මෙම සාකච්ඡා දෙකෙහි දී ම සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ සාකච්ඡා කරන බව ද වාර්තා වෙයි.

Related articles

error: Content is protected !!