27.7 C
Galle

කොටස් වෙළෙඳ පොළ දින කිහිපයකට පසු ඉහළට

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (27) දිනයේ ගනුදෙනු 22,909ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,184ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 375කින් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 7,280ක් ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 721
  • කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 330
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 145

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 28
  • එස්.එන්.බී. ලීසිං (X) සමාගම කොටස් මිලියන 18
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් කොටස් මිලියන 14

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • එස්එන්බී ලීසිං 50%
  • එස්එන්බී ලීසිං (X) 50%
  • එක්ස්පෝ ලංකා සමාගම 44%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • කොමර්ෂල් බැංකුව කොටස් 4,263,000ක් රුපියල් 50.00 බැගින්
  • සම්පත් බැංකුව කොටස් මිලියන 01ක් රුපියල් 35.30 බැගින්
  • සිටිසන් ඩිවෙලොප්මන්ට් බැංකුව කොටස් 107,000 රුපියල් 201.00 බැගින්
  • වින්ෆෝස්ට් සමාගම කොටස් මිලියන 05ක් රුපියල් 13.50 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 281
  • ජෝන් කීල්ස්  සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන  169
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 155

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 82ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 45කොටස් විකුණා තිබිණි. ඒ අනුව අද දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳ පොළට විදේශ ආයෝජකයන් විසින් රුපියල් මිලියන 37ක් ආයෝජනය කර තිබේ.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 25
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 21
  • සන්ෂයින් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 07
  • ඒකාබ් සමාගම රුපියල් මිලියන 04
  • එන්ඩීබී බැංකුව රුපියල් මිලියන 03

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 08
  • රිචඩ් පීරිස් සමාගම රුපියල් මිලියන 6.2
  • එච්එන්බී බැංකුව රුපියල් මිලියන 5.2
  • රෝයල් සෙරමික් සමාගම රුපියල් මිලියන 04
  • සෙලාන් බැංකුව (X) රුපියල් මිලියන 02

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!