26.8 C
Galle

භූමිතෙල් පෝළිමක සිටි අයෙක් මරුට

Published:

කළුතර උතුර ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හළකට පැමිණ භූමිතෙල් මිල දී ගැනීමේ බලාපොරොත්තුවෙන් එහි පෝළිමක රැඳී සිටි පුද්ගලයකු අද (28) සවස මියගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ හීනටියන්ගල, කළුතර දකුණ පදිංචි මොහොමඩ් සාදික් නමැති 63 හැවිරිදි පුද්ගලයෙකි.

භූමිතෙල් මිල දී ගැනීමට දිගු පෝළිමක් තිබී ඇති අතර එහි රැඳී සිටි ඔහු සවස 2.00ට පමණ ඇදවැටී ති‍බේ. සුවසැරිය ගිලන් රථයකින් ඔහු නාගොඩ රෝහලට ගෙන ගිය ද ඒ වනවිටත් මියගොස් සිටි බව වෛද්‍යවරු කියති.

Related articles

spot_img
error: Content is protected !!