27.2 C
Galle

සහල් මිල සිතාගත නොහැකි තරම් ඉහළ යයි. රටේ වී නෑ

Published:

“මේ වනවිට ගොවීන් අතෙත් වී නෑ. මෝල් හිමියන් සතුවත් වී නැහැ. රටේ ම වී නැහැ. හාල් මිල හිතන්න බැරි තරම් ඉහළ යාවි” යැයි රුහුණ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අරුණ කුමාර පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය සුරැකීම සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ එකමුතුව විසින් සංවිධානය කළ මාධ්‍ය සාකච්ඡාවකට ඊයේ (27) එකිවෙමිනි.

කෘෂි විද්‍යාඥයන් පවසන්නේ පසුගිය මහ කන්නයේ දී වී අස්වැන්න 45%ක් ම අහිමි වූ බවයි. මෙවර යල කන්නයේ දී ඊටත් වඩා ප්‍රතිශතයකින් අස්වැන්න අහිමිවන බවත් ඔවුන් පෙන්වාදෙයි.

මෙවර යල කන්නය මෑත කාලීන ඉතිහාසයේ ඉතාමත් අසාර්ථක ඇස්වන්න බවට පත්වෙනවා. පොහොර නොමැතිවීම, පොහොර මිල 07 ගුණයකින් පමණ ඉහළ යාම මෙලෙස අස්වැන්න අඩුවීමට ‍හේතු වී තිබේ.”

‍මේ නිසා කෘෂි විද්‍යාඥයන් පවසන්නේ ඉදිරියේ දී මෙරට වෙළෙඳ පොළේ සහල් මිල කිසිසේත්ම හිතාගත නොහැකි තරම් ප්‍රමාණයකින් ඉහළ යනු ඇති බවයි.

Related articles

error: Content is protected !!