31.7 C
Galle

රඹුක්කන වෙඩි තැබීමට අණදුන් පොලිස් ලොක්කා අත්අඩංගුවට ගනී

Published:

රඹුක්කන විරෝධතාකරුවන්ට වෙඩි තැබීමට අණ දුන්නා යැයි සැකපිට කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී.කීර්තිරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (28) සවස අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග අනුව ඔහු සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.

කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න 27 වැනි දා නියෝග කළේ එම වෙඩි තැබීමේ අණ නිකුත් කළ නිලධාරියා සහ වෙඩි තැබීම සිදුකළ සියලු දෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසිනි. අදාල නියෝගය අද පොලිස් මූලස්ථානය වෙත ලැබීමෙන් පසු පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස උපදෙස් දී තිබිණි.

ඒ අනුව කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ දී ය.

Related articles

spot_img
error: Content is protected !!