27.2 C
Galle

මයිනාගෝ ගමට ගිය, කොල්ලුපිටිය OIC පොලිස් රෝහලට යයි

Published:

කොල්ලුපිටිය OIC පොලිස් රෝහලේ

කොල්ලිපිටිය පොලිසියේ ස්ථානාධිපති ඩන්කන් ගුණරත්න පොලිස් රෝහලට ඇතුළත් වී ඇතැයි වාර්තා වේ.

කොළඹ කොල්ලුපිටියේ අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාකරුවන් විසින් පිහිටුවා ඇති මයිනාගෝගමට ඔහු අද (29) පැමිණ තිබිණි. පොලිස් නිලධාරීන් පිරිසක් එතැනි තිබූ විරෝධතා පුවරු ඉවත්කිරීමට උත්සාහ ගැනීමේ දී විරෝධතා කරුවන් සමඟ කළහයක් ඇති වූ අතර එක් පුද්ගලයකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

ගිලන් රථයක ආධාරයෙන් ඔහු රෝහල් ගත කෙරිණි.

මේ වනවිට කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා ද පොලිස් රෝහලට ඇතුළත්ව සිටින බව වාර්තා වෙයි.

Related articles

error: Content is protected !!