31.7 C
Galle

ජනාධිපති ‍මන්දිරය අසළ ගොඩනැගිල්ලක හමුදා බල ඇණියක් රඳවලා

Published:

ජනාධිපති මන්දිරය අසළ මහල් 06කින් යුතු ගොඩනැගිල්ලක 750ක පමණ හමුදා භට පිරිසක් සතියක කාලයක සිට ස්ථානගත කර ඇතැයි news19.lk  වාර්තා කරයි.

පැලවත්ත, මතුගම, ගාල්ල සහ මාතර ප්‍රදේශවල පිහිටි හමුදා කඳවුරුවලින් මෙම සෙබළුන්‍ ගෙනවිත් ඇති බවත් ඔවුන්ට වැසිකිළි කැසිකිළි ඇතුළු සනීපාරක්ෂක පහසුකම් ප්‍රමාණවත් තරම් නොමැති බවත් එම වාර්තාවේ දැක්වේ.

12 වැනි සිංහ රෙජිමේන්තුවෙන් පමණක්, සෙබළු 250ක් පමණ එහි සිටින බව ද news19 කියයි.

එම භට පිරිස් රැගෙන ආවේ කුමන හේතුවකට දැයි ඔවුන් නොදන්නා බව ද පැවසේ.

එම ස්ථානයේ වීඩියෝ දර්ශනවල දැක්වෙන්නේ ඔවුන් සියලු දෙනාම ගොඩනැගිල්ලේ බිම නිදාගන්නා ආකාරයයි.

Related articles

spot_img
error: Content is protected !!