31.6 C
Galle

ගාල්ලේ වාර්තා 538ක් අතර කොරෝනා ආසාදිතයන් නෑ

Published:

ගාල්ල ධීවර වරාය ඇතුළු නගරය ආශ්‍රිත ධීවර ප්‍රජාවගෙන් සෙනසුරාදා (24) ලබාගත් ජෛව සාම්පල 726ක් සඳහා කරන ලද පීසීආර් පරීක්ෂණවල වාර්තා 538ක් මේ වනවිට ලැබී ඇති අතර කිසිදු පුද්ගලයකු ආසාදිත වී නැතැයි එම වාර්තාවලින් තහවුරු වී තිබේ.

ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කරන්නේ දැනට නිකුත් කර ඇති වාර්තා අතරින් පුද්ගලයන් 08 දෙනකුගේ පරීක්ෂණ සැක සහිත බැවින් ඒවා යළි පරීක්ෂාකර බලන බවයි. අද (26) දහවල් වාර්තා 168ක් ලැබී තිබුණු අතර මීට සුළු වේලාවකට පෙර තවත් වාර්තා 370ක් ලැබිණි.

තවත් පීසීආර් පරීක්ෂණ වාර්තා 188ක් හෙට දිනයේ ලැබීමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!