28.7 C
Galle

මිරිහානේ දී පොලිසිය අහිංසකයන් අත්අඩංගුවට අරන්. චෝදනා කිසිවක් නෑ

Published:

මිරිහානේ දී පොලිසිය විසින් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන කිසිදු චෝදනාවක් ඉදිරිපත් නොකර රඳවාගෙන සිටීමේ සිද්ධියක් අධිකරණයේ දී අනාවරණය වී තිබේ.

මෙලෙස රඳවාගෙන ඇත්තේ උදය කුමාර ප්‍රදීප් කුමාර් නමැති අයෙකි.

නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ දී අනාවරණය වී ඇත්තේ ඔහු බන්ධනාගාර නිලධාරීන් භාරයේ සිටි බවයි. ඉන් පසු විවෘත අධිකරණයට ඉදිරිපත් කර මහේස්ත්‍රාත්වරයාගේ නිල මැදිරියට ද ඉදිරිපත් කර තිබේ.

නමුත් මිරිහානේ සිද්ධියේ පැමිණිලිකරු වූ පොලිසිය විසින් මිරිහාන මූලස්ථාන පොලිස් පරික්ෂකවරයා ඇතුළු පොලිස් නිලධාරින්, නිතිපති නියෝජනය කරමින් රජයේ අධි නීතිඥ විශ්ව, නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම ජ්‍යෙෂ්ඨ ‍සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් පෙනී සිටිමින්, ඉදිරිපත් කරන ලද බී වාර්තාවේ එම පුද්ගලයාගේ නම සඳහන්ව තිබී නැත.  

නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා විසින් එම පුද්ගලයාගේ නම බී  වාර්තාවේ ඇතුළත්ව තිබේද යන්න නැවත වතාවක් විවෘත අධිකරණයේ දී විමසා එවැනි සඳහනක් නොමැති බැවින් මහේස්ත්‍රාත්වරයා විසින් ඔහු නිදහස් කිරීමට නියෝග කර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!