27.2 C
Galle

මයිනාගෝ ගම විරෝධතා කරුවෝ පාරේ කොටසක් අල්ලා ගනිති

Published:

මහින්ද රාජපක්ෂ අගමැතිවරයාට ඉල්ලා අස්වන්න යැයි බලකරමින් අරලියගහ මන්දිරය ඉදිරිපිට අරගලකරුවන් විසින් “මයිනාගෝ ගම” යනුවෙන් නම් කරමින් ඉදිකර තිබූ අට්ටාල පොලිසිය විසින් ඉවත්කිරීම හේතුවෙන් විරෝධතාවයේ නිරත පිරිස කොළඹ ගාල්ල මාතර පාරේ කොටසක් අල්ලාගෙන තිබේ.

අද (01) උදෑසන සිට ඔවුහු ප්‍රධාන මාර්ගයේ බිම වාඩි වී අරගලයේ නිරත වෙති.

ඔවුන් මාර්ගයේ එක් මංතීරුවක් පමණක් විරෝධතාව සඳහා ප්‍රයෝජනයට ගන්නා අතර අනෙක් මංතීරුවල වාහන ධාවනයට ඉඩ ලබා දී ඇත. කෙසේ වෙතත් මෙ ස්ථානයේ මාර්ගය මඟ හැර යාම සඳහා කොළම විකල්ප මාර්ග රැසක් පවතින බැවින් මාර්ගයේ තදබදයක් ද දක්නට නැත.

Related articles

error: Content is protected !!